ප්‍රේම පාරමිතාව

Filed under: by: ක්‍රිෂාන් රංදික ජයකොඩි


මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂා වලින් කතා කරතත්
ප්‍රේමය මට නැත් නම්
මම ඝෝෂා කරන ඝන්ඨාරයකට හෝ
කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.
දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුනත්,
සියළු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්,
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුනත්
ප්‍රේමය මට නැත් නම්

මම හිස් තැනැත්තෙක්මි.
දන් දීම සඳහා මා සතු සියල්ලම වෙන් කළත්,
මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්,
ප්‍රේමය මට නැත් නම්

මට කිසි පලක් නැත.
ප්‍රේමය,
ඉවසිලිවන්තය,

කරුණාවන්තය.
ප්‍රේමය,
ඊර්ෂ්‍යා වන්නේ නැත,
පාරට්ටු කර ගන්නේ නැත,
උඩඟු වන්නේ නැත;
ප්‍රේමය,
අවනීත නොවේ,
ආත්මාර්ථකාමී නොවේ,
හනික නොකිපේ,
නපුර සිතේ ධාරණය කර නොගනී;
ප්‍රේමය,
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය,
සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි,
විශ්වාසයට ඉමක් නැත,
බලාපොරොත්තුවට නිමක් නැත,
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනික ය.
දිවැස් වැකි වුවද පහව යන්නේ ය;
විවිද ශබ්ද දෙසීම් වුවද නිම වන්නේ ය;
ඥානය වුව ද නැති වන්නේ ය.
මන්ද,
අපේ ඥානය අසම්පූර්ණ ය,
දිවැස් වැකි දෙසීමද අසම්පූර්ණ ය.
සම්පූර්ණ දේ පැමිණි විට,
අසම්පූර්ණ දේ පහව යන්නේ ය.

6 comments:

On October 28, 2009 at 5:17 AM , ems said...

මේ බ්ලොග් එක ලස්සනයි.තාම පටන් අරන් විතරයි වගේ.මේ කෙන් හැමෝටම ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ගෙන යන්න උත්සාහ කරන්න.එය අද කාලේ අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි.ගිනි ගෙන දැවෙන හදවත්වලට සිසිපසක් විය හැක්කේ එමඟින් පමණි.

දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා !

 
On December 3, 2009 at 7:35 AM , සහන් සටහන් said...

මටත් කියන්න තියෙන්නේ ඒකමතමා "වියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා !" මිත්‍යා දෘෂ්ඨියෙන් මිදීමට
බුදු ස‍රණයි............!!

 
On December 9, 2009 at 5:05 AM , දුකා said...

හැම ආගමක ම හරය ටිකක් හෝ දැන ගන්න තියෙනවානම් ලොකු දෙයක්. ඇයි මේක දිගටම නොලිව්වේ???

 
On February 12, 2010 at 6:56 AM , Unknown said...

@ සහන්....... මචන් උඹ ක්‍රිස්තියානි දහමට මිත්‍යා දෘෂ්ඨියක් කියන්නෙ.... බුදු දහම යනු මේ ලොකයේ ඇති එකම පරම සත්යය බවට විද්යාගාර පරීක්ෂනයකින් ඔප්පු කර ගත්තද ???? එහෙමනම් මටත් එවපන්කො පරීක්ෂණ වාර්ථාව........ ආගමක් යනු විශ්වාසයකි....... එය මිනිසාට ගෝචර වන පරම සතයයක් ලෙස ඔප්පු කල නොහැකිය...... හැම දහමකටම එය පොදුය..... මට මගේ දහම සත්යය බවට තර්ක කල හැක.... ඔබටත් එසේ තර්ක කල හැක... නමුත් දහමකට මිත්‍යා දෘෂ්ඨියක් කීමට ඔබට නොහැකිය....

ඔබට ජේසු පිහිටයි....!!

 
On February 12, 2010 at 7:04 AM , Unknown said...

මචන්... කිතු දහම ගොඩ නැගුනෙ බාධා මැද....... ඔබටත් මේ කාර්යයේදී අමනෝඥ්යන්ගේ බාධා කිරීම් වලට මුහුන දීමට සිදුවනු ඇත........ ඔබ ඔබගේ කාර්යය දිගටම කරගෙන යන්න...... කිතු තුමන්ගේ සුභාරන්චිය ලොව පතල කරන්න...... ඔබට ඉතසිතින් සහය වීමට සූදානම්...............!!!

 
On November 23, 2010 at 11:23 PM , Rajith said...

කවුද මේ සහන් කියන්නේ
සහන් ඔයා දන්නවාද බුදුසරණයි කියන එකේ තෙරුමවත්
නිවැරැදි බුද්ධ ධර්මයට අනුව බුදුසරනයි කියලා කියන ​එකේ තේරුමක් තියෙනවාද
බුදුහාමුදුරැවෝ නිවන් දැක්කානම් බුදුකියන සංකල්පය දැන් ශුන්‍යයි නේද එහෙනම් කොහොමද බුදු සරනයි කියන්නේ
ඔයාගේ ආගම ගැනවත් හරි අවබෝධයක් නැතුව ඔයා කොහොමද දෙවියන් වහන්සේට අභියෝග කරන්නේ
දෙවියනී සහන් කරන පවු නොදැන කරන නිසා සහන්ට සමාව දුන මැනව